වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් නැවත දැනුම්දෙනතුරු නුවරඑළිය ප්‍රදේශය වෙත පැමිණීමෙන් වළකින්නැයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා මහජනතාවට දැනුම් දෙනවා.
ග්‍රෙගරි වැව උද්‍යානය, වික්ටොරියා උද්‍යානය, සදතැන්න ඇතුළු සංචාරක ස්ථාන මේ වනවිටත් වසා දමා ඇති බවයි දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ.
ඔහු ප්‍රකාශ කළේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොරෝනා වෛසරය අසාදනය වූවන් ගණනාවක් හමු වීමත්, තවත් පිරිසක් නිරෝධානයට යොමු කර සිටීමත් නිසා නුවරඑළියේ සංචාරය කිරීම අවදානම් බවයි.
වසංගත තත්ත්වය පාලනයට රජය ගෙන යන වැඩපිළිවෙළට සහය වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ, ඊට පටහැනිව ක්‍රියා කරන්නන්ට එරෙහිව නිරෝධාන නීතිය අනුව අවශ්‍යය පියවර ගැනීමට ආරක්ෂක අංශ දැනුවත් කර ඇති බවයි.