පාර්ලිමේන්තු වාර්තාකරණය ආවරණය කල පුවත්පත් මාධ්‍යවේදියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. ඒ බව ඔහු සිදු කරගන්නා ලද pcr පරීක්ෂණ වාර්තාවට අනුව තහවුරු වී තිබෙනවා.
මේ හේතුවෙන් ලබන සතියේ පාර්ලිමේන්තු වාර්තාකරණය කිරීම සදහා මාධ්‍ය වෙත අවසර ලබා දීම සිදු නොකරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සදහන් කරනවා.