News Line| Off Air
Generic placeholder image

Oct
29

චීනෙන් ගෙනා PCR පරීක්ෂණ යන්ත්‍රය අක්‍රිය වෙයි – pcr වාර්තා නිකුත් කිරීමත් ප්‍රමාදයි

699 Views


චීනෙන් ගෙනා PCR පරීක්ෂණ යන්ත්‍රය අක්‍රිය වෙයි – pcr වාර්තා නිකුත් කිරීමත් ප්‍රමාදයි

චීනයෙන් ගෙනා රුපියල් මිලියන 250ක් වටිනා පී.සී.ආර්. යන්ත්‍රයක් මේ වන විට අක්‍රිය වී තිබෙන බව වාර්තා වෙනවා. ඒ නිසා පී.සී.ආර්. පරීක්ෂණ සාම්පල විසිදහසකට ආසන්න සංඛ්‍යාවක ප්‍රතිඵල වාර්තා නිකුත් කිරීම මේ වන විටත් බොහෝ ප්‍රමාදයන්ට ලක්ව තිබෙන බවයි පැවසෙන්නේ.

මේ හේතුවෙන් කඩිනමින් කොරෝනා ආසාදිතයින් හදුනා ගැනීම ප්‍රමාද වීම නිසා තව දුරටත් වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව තිබෙන බව සදහන්.
කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ පිලිබදව පැය 48ක් ඇතුළත මීට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද යුද හමුදාපතිවරයා දැනුම් දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post