News Line| Off Air
Generic placeholder image

Oct
30

කොරෝනා වෛරසයෙන් මොළයට සිදු වන දේ

1447 Views


කොරෝනා වෛරසයෙන් මොළයට සිදු වන දේ

නව කොරෝනා වෛරසය ආසාදනය වන පුද්ගලයින්ගේ මොළයේ ක්‍රියාකාරීත්වයට යම් හානියක් සිදුවිය හැකි බව ලන්ඩන් නුවර පර්යේෂණ කණ්ඩායමක් සොයාගෙන තිබෙනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ, වෛරසය ආසාදනය වන රෝගීන්ට මානසික ආබාද හට ගැනීමේ වැඩි හැකියාවක් පවතින බවයි.

එම පර්යේෂකයින්ට අනුව කොරෝනා වෛරසය ආසාදනය වන ඇතැම් පුද්ගලයන්ගේ මොළය වසර 10කින් පමණ වයසට යන බව ද හඳුනාගෙන තිබෙනවා. 

වෛරසය ආසාදනය වී එය දරුණු අතට පත්වන රෝගීන්ගේ මොළයේ මාස ගණනාවක් යනතුරුම ගැටලුකාරී තත්ත්වයන් පැවතිය හැකි බවට ද පර්යේෂණ කණ්ඩායම් අනතුරු අඟවනවා.


News Articles
Latest Videos
Most Popular Post