News Line| Off Air
Generic placeholder image

Oct
30

බස්නාහිර පළාතෙන් පිටවීමට උත්සාහ කළ අය අල්ලන්න මෙහෙයුම්

472 Views


බස්නාහිර පළාතෙන් පිටවීමට උත්සාහ කළ අය අල්ලන්න මෙහෙයුම්

නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමත් සමග බස්නාහිර පළාතෙන් පිට වීමට උත්සාහ ගත් පිරිසක් පිළිබඳ තොරතුරු වාර්තා වන බව පොලිසිය පවසනවා.

නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුවේ, එවැනි පිරිස් බස්නාහිර පළාතෙන් පිට වී ආශ්‍රිත හෝටල් සහ නවාතැන්පොළවල ලැගුම් ගෙන සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි.

අදාළ පිරිස ඇඳිරි නීතිය අවසන් වී නැවත කොළඹට පැමිණීමේදී හසුකර ගැනීමට අපේක්ෂා කෙරෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ඔවුන් හසුකරගත් පසු නිරෝධායන නීති උල්ලංඝණය සම්බන්ධයෙන් නඩු පැවරීමට කටයුතු කරන බවයි.


News Articles
Latest Videos
Most Popular Post