රත්නපුර මහරෝහලේ දරු ප්‍රසූතිය සිදුකළ මවකට කොරෝනා වෛරසය අසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. මිට පෙර ඇයගේ සැමියාටද කොරෝනා වෛරසය අසාදනය වී තිබෙන බව හදුනා ගෙන තිබෙන අතර කෙසේ වෙතත් දරුවා නිරෝගීව පසුවන බව වෛද්‍යවරුන් සදහන් කරනවා.
මේ අතර අදාළ මවට දරු ප්‍රසූතිය සදහා සිසේරියන් සැත්කම සිදුකළ රෝහලේ වෛද්‍යවරයන් ඇතුළු කාර්ය මණ්ඩලය මේ වන විට නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.