News Line| Off Air
Generic placeholder image

Oct
30

ආරක්ෂක අංශවල නිලධාරීන් 22කට කොරෝනා

453 Views


ආරක්ෂක අංශවල නිලධාරීන් 22කට කොරෝනා

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශවල නිලධාරීන් 22 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, පොලිස් නිලධාරීන් පිරිසකටත් වෛරසය ආසානය වූ බවට හඳුනාගෙන ඇති අතර මේ වනවිටත් පොලිස් නිලධාරීන් 400කට අධික පිරිසක් නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි.

වෛසරය ආසාදනය වූ ආරක්ෂක අංශ නිලධාරීන්ට ප්‍රතිකාර කිරීම සඳහා පූනානි සහ කුණ්ඩසාලේ පොලිස් රෝහල් වෙන්කර ඇති බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළා.

ධීවර කර්මාන්තය ආශ්‍රිත වෛරස් ව්‍යාප්තියත් සමග සිය නිලධාරීන් වැඩි වශයෙන් ඊට ගොදුරු වූ බවයි මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post