News Line| Off Air
Generic placeholder image

Oct
31

නිරෝධායන නීති කඩකළ 39ක් අත්අඩංගුවට – කාදිනල් හිමියන්ගෙනුත් ඉල්ලීමක්

546 Views


නිරෝධායන නීති කඩකළ 39ක් අත්අඩංගුවට – කාදිනල් හිමියන්ගෙනුත් ඉල්ලීමක්

නිරෝධායන නීති උල්ලංඝණය කළ 39 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ, මුහුණු ආවරණ නොමැති, සමාජ දුරස්ථභාවය පවත්වා නොගත් පුද්ගලයින් 39 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

මේ අතර නිරෝධායන නීති පිළිපදිමින් කොරෝනා වසංගතය මැඩලීමට සෞඛ්‍ය අංශවලට සහය දක්වන ලෙස කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

සමාජය, රට, ලෝකය වෙනුවෙන් තමන්ට හිමි වගකීම තමන් ඉටු කිරීමට කැප වියයුතු බවයි අගරදගුරු හිමිපාණන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post