ඊයේ උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා ගත වූ පැය 24 තුළ දිස්ත්‍රික්ක 14කින් නව ආසාදිතයින් 633 දෙනෙකු වාර්තා වුණා.
ඒ අනුව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 264ක්.
කොළඹ දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 162කු හඳුනා ගැනුණා.
කළුතරින් නව ආසාදිතයින් 18 දෙනෙකු වාර්තා වී ඇති අතර මහනුවරි දිස්ත්‍රික්කයේ තෙල්දෙණිය ප්‍රදේශයෙන් දෙදෙනෙක් සහ දිගන ප්‍රදේශයෙන් එක් අයෙක් බැගින් ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
එමෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ ප්‍රදේශයෙන් ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වී ඇති අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල ප්‍රදේශයෙන් දෙදෙනෙකු සහ බුලත්කොහුපිටිය ප්‍රදේශයෙන් 9 දෙනෙකු ලෙස ආසාදිතයින් හඳුනාගැනුණා.
බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල ප්‍රදේශයෙන් එක් ආසාදිතයෙකු ද අම්පාර දිස්ත්‍රික්කයේ අම්පාර ප්‍රදේශයෙන් ආසාදිතයින් දෙදෙනෙකු ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත ප්‍රදේශයෙන් එක් ආසාදිතයෙකු ද වාර්තා වී තිබෙනවා.
මාතර දිස්ත්‍රික්කයේ මාතර ප්‍රදේශයෙන් එක් ආසාදිතයෙකු ද ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණිය ප්‍රදේශයෙන් ආසාදිතයින් සිව්දෙනෙකු ද හඳුනාගනෙ ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල, කුලියාපිටිය, බිංගිරිය යන ප්‍රදේශවලින් පිළිවෙළින් 8දෙනෙක්, 7දෙනෙක් සහ දෙදෙනෙක් ලෙසින් ආසාදිතයින් හඳුනාගත්තා.
එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 5 දෙනෙකු වන අතර ඒ, රත්නපුර ප්‍රදේශයෙන් එක් ආසාදිතයෙකු බැගින් සහ කුරුවිට ප්‍රදේශයෙන් ආසාදිතයින් සිව්දෙනෙකු ලෙසයි.
මේ අතර ගත වූ පැය 24 තුළ පොලිස් නිලධාරීන් තිදෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනාගැනුණා.
ඒ, වෙරළබඩ පොලිස් ස්ථානයෙන් එක් නිලධාරියෙකු සහ අපරාධ වාර්තා අංශයෙන් ආසාදිත නිලධාරීන් දෙදෙනෙකු වශයෙන්.
එම දිස්ත්‍රික්ක සම්බන්ධයෙන් තොරතුරු සඳහන්, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනය පහතින් :

