මෙරට 21 වැනි කොරෝනා මරණය වාර්තා කරමින් 40 හැවිරිදි පුද්ගලයෙකු මියගියා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, වැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙක් එලෙස මියගොස් ඇති බවයි.
අධි රුධිර පීඩනය සහ ස්වසන පද්ධතියේ ආසාදිත තත්ත්වයක් හේතුවෙන් පසුගිය 23 වැනිදා ඔහුව රෝහල්ගත කර තිබුණා.
ඔහු ඊයේ මියගිය බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ්.
පළමු පී.සී.ආර්. පරීක්ෂණයෙන් ඔහු ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන නොමැති අතර මියගිය පසු සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී කරන ලද දෙවැනි පී.සී.ආර්. පරීක්ෂණයෙන් ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය මීට සුළු මොහොතකට පෙර තහවුරු කළා.
එලෙස මියගියේ, මහර ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි පුද්ගලයෙක්.