කොරෝනා වෛරසය ආදානය වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 125 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, එලෙස හඳුනාගෙන ඇත්තේ, දැනට නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටින පොලිස් නිලධාරීන් මිස පොලිස් ස්ථානවල රාජකාරියෙහි නිරත නිලධාරීන් නොවන බවයි.
මේ වනවිට එම නිලධාරීන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසුවේ.
එමෙන්ම 400 කට අධික පිරිසක් නිරෝධායනයට යොමු කර ඇති අතර 2000කට අධික නිලධාරීන් පිරිසක් බැරැක්ක තුළම රඳවා සිටිනවා.