News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
1

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල කාර්යාලයට ජනතාව පැමිණීම තාවකාලිකව අත්හිටුවයි

1918 Views


ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල කාර්යාලයට ජනතාව පැමිණීම තාවකාලිකව අත්හිටුවයි

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය වෙත හෙට සිට නැවත දැනුම් දෙනතුරු ජනතාව පැමිණීම තාවකාලිකව අත්හිටුවන බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ, කොරෝනා වෛසරය ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණින්.

ඒ අනුව ප්‍රධාන කාර්යාලය මගින් ලබාගත යුතු අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා රාජකාරී දිනවල පෙරවරු 8 සිට පස්වරු 4:30 දක්වා එම කාර්යාලයේ නිලධාරීන් සමග සම්බන්ධ වී උපදෙස් ලබා ගැනීමට දුරකතන අංක කිහිපයක් සහ විද්‍යුත් ලිපින සඳහන් කර තිබෙනවා.

එමෙන්ම මහනුවර, වව්නියාව, මාතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය කාර්යාලය ගමන් බලපත්‍ර ලබා දීම සඳහා පමණක් විවෘතව පවතින බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

ඒ අනුව 070 7 101 060 සහ 070 7 101 070 යන දුරකතන අංක අමතා දිනයක් හා වේලාවක් වෙන්කොට අදාළ ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණෙන ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

එමෙන්ම එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ, දැනට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ජනතාව එම කාර්යාල වෙත පැමිණීමෙන් වළකින ලෙසයි.

ප්‍රධාන කාර්යාලය මගින් ලබාගත යුතු අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා සම්බන්ධ කරගත හැකි දුරකතන අංක සහ විද්‍යුත් ලිපින පිළිබඳ තොරතුරු පහතින් :

ගමන් බලපත් අංශය – 070 7 101 060 / 070 7 101 070

පුරවැසි අංශය – 070 7 101 030

විදේශ දූත මණ්ඩල අංශය – 011 5 329 233 / 011 5 329 235

වීසා අංශය – 070 7 101 050

dcvisa@immigration.gov.lk

acvisa1@immigration.gov.lk

acvisa2@immigration.gov.lk

acvisa@immigration.gov.lk

තොටුපල අංශය – 077 7 782 505

පොදු උපදෙස් හා තොරතුරු – www.immigration.gov.lk


News Articles
Latest Videos
Most Popular Post