කොරෝනා වෛරසය බවට සැක කළ හැකි ලක්ෂණ ඇත්නම් සෘජුව රෝහලක් වෙත නොයා ඒ පිළිබඳ නිවසේ සිට අදාළ අංශ දැනුවත් කිරීමට නව දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා.
අද පස්වරුවේ මාධ්‍යයට අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා පැවසුවේ, රෝගියා පත්වන අපහසුතාව වැළැක්වීමත්, යම් හෙයකින් අදාළ පුද්ගලයාට කොරෝනා වෛරසය වැළඳී ඇත්නම් එය බාහිර සමාජයට ව්‍යාප්ත වීම වැළැක්වීමත් අරමුණු කරගනිමින් මෙම තීරණය ගත් බවයි.
හඳුන්වා දෙන ලද අංකය අමතා රෝග ලක්ෂණ පිළිබඳ දැනුම් දීමෙන් එම නිලධාරීන් සෞඛ්‍ය කාර්යය මණ්ඩලයක් වෙත අදාළ පුද්ගලයාව යොමු කරන බවත් ඉන් අනතුරුව ගත යුතු ක්‍රියාමාර්ග ඔවුන් විසින් ගනු ලබන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා කියා සිටියා.
එම දුරකතනය අංකය පහතින් :
011 7 96 63 66