පසුගිය 31 වැනිදා පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් සිටි පුද්ගලයෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට හඳුානාගෙන ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළා.
අදාළ මරණය සියදිවි නසා ගැනීමක් බවට තොරුතුරු වාර්තා වී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙන්නේ.
ඒ අනුව මෙරට සිදු වූ 22 වැනි කොරෝනා මරණය මෙය බව තහවුරු කරගෙන තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ, පානදුර ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි පුද්ගලයෙක්.