News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
2

කොරෝනා ආසාදිතයින් ප්‍රතිකාර ලබන රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන ගැන තොරුතුරු මෙන්න

531 Views


කොරෝනා ආසාදිතයින් ප්‍රතිකාර ලබන රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන ගැන තොරුතුරු මෙන්න

මෙරටින් මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 11060ක්.

ඉන් 5,700කට අධික පිරිසක් දිවයින පුරා රෝහල් 36ක සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන 9ක ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

දැනට රෝගීන් වැඩිම ප්‍රමාණයක් ප්‍රතිකාර ලබන්නේ පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වන අතර එම සංඛ්‍යාව 659ක්.

මේ අතර මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ 496ක්, ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ 453ක්, බිංගිරිය ප්‍රතිකාර මධ්‍යස්ථානයේ 431ක් සහ කන්දකාඩු මධ්‍යස්ථානයේ 362ක් එලෙස ප්‍රතිකාර ලබමින් සිටිනවා.

එමෙන්ම කොළඹ අයි.ඩී.එච්. රෝහලේ 196 දෙනෙකු ද, කහගොල්ල මධ්‍යස්ථානයේ 184 දෙනෙක්, ඇඹිලිපිටිය මධ්‍යස්ථානයේ 183ක්, කඹුරුගමුව රෝහලේ 146ක්, කාත්තන්කුඩි රෝහල 144ක් සහ වතුපිටිවල මධ්‍යස්ථානයේ 137ක් වශයෙන් ද ප්‍රතිකාර ලබමින් සිටින බවයි වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙන්නේ.

ආසාදිතයින් ප්‍රතිකාර ලබන රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල තොරතුරු පහතින් :


News Articles
Latest Videos
Most Popular Post