ත්‍රිකුණාමාලය රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයෙකුට කොරෝනා වෛසරය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.
අදාළ වෛද්‍යවරයාට හදිසියේ මතු වූ රෝග ලක්ෂණ හේතුවෙන් ඔහු පසුගිය දා පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු වි ඇති අතර එහිදී ඔහු ආසාදිතයෙකු බවට හඳුනා ගැනුණා.
ඒ අනුව ඔහු සමග සේවය කළ තවත් වෛද්‍යවරුන් තිදෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.
මේ අතර කහතුඩුව ප්‍රදේශයේ කරනවෑමියෙකු ද කොරෝනා වෛරස් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇතැයි ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ අනාවරණ කරනවා.
ඔහුගේ ආශ්‍රිතයින් 120දෙනෙකු මේ වනවිට නිරෝධායනයට ලක්කර ඇති අතර ඔවුන්ව අද දින පී.සී.ආර්. පරීක්ෂාවට යොමු කෙරෙන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
ඒ අනුව ඔවුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ 150ක් පමණ සිදු කිරීමට නියමිතයි.