News Line| Off Air
Generic placeholder image

Nov
2

සුපිරි වෙළඳසැල්වලින් භාණ්ඩ ඇණවුම් කිරීම ඔන්ලයින් ක්‍රමයට

473 Views


සුපිරි වෙළඳසැල්වලින් භාණ්ඩ ඇණවුම් කිරීම ඔන්ලයින් ක්‍රමයට

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කොළඹ, කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ නිවෙස්වලට සැපයීමේ රජයේ වැඩපිළිවෙළ අද සිට ආරම්භ කෙරුණා.

ඊට අමතරව එම ජනතාවට සුපිරි වෙළඳසැල්වලින් ද භාණ්ඩ ලබාගත හැකි අතර ඒ සඳහා ඔන්ලයින් ක්‍රමය ඔස්සේ භාණ්ඩ ඇණවුම් කිරීමේ හැකියාව පවතින බව සුපිරි වෙළඳසැල් ජාල පවසනවා.

එම සුපිරි වෙළඳසැල් පෙන්වා දෙන්නේ මින් පෙර කොරෝනා වසංගතය පැවැති කාල වකවානුව තුළ සිදු කළ ආකාරයට වට්ස්ඇප් සහ දුරකතන මාර්ග ඔස්සේ ජනතාවට සිය ඇණවුම් යොමු කළ හැකි අතර ලද ඇණවුම් අනුව භාණ්ඩ බෙදා හැරීම සිදුකරන බවයි.


News Articles
Latest Videos
Most Popular Post