ත්‍රිවිද හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 45ක් තුළ පුද්ගලයින් 4,039 දෙනෙකු තවමත් නිරෝධායනය වෙමින් සිටිනවා.
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, පුද්ගලයින් 228 දෙනෙකු සිය නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර අද සිය නිවෙස් බලා පිටව යාමට නියමිත බවයි.
ඒ අනුව පල්ලේකැලේ කෘෂිකර්ම පුහුණු පාසල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 69 දෙනෙකු ද, ගල්කිස්ස හෝටල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් එක් අයෙකු සහ හොටෙල් ගෝල්ඩ් සෑන්ඩ් නිරෝධායන මධ්‍යස්ථානයෙන් 8 දෙනෙකු අද සිය නිවෙස් වෙත යාමට නියමිතව තිබෙනවා.
එමෙන්ම විඩත්තපලෙයි නිරෝධායන මධ්‍යස්ථානයෙන් 132 දෙනෙකු හා මීරිගම ගුරු විද්‍යාල නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 18 දෙනෙකු සිය නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර අද දිනයේ එම මධ්‍යස්ථානවලින් පිටව යනු ඇති.
මේ අතර නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 61,955 දෙනෙකු ත්‍රිවිද හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථානවලින් මේ වනවිට පිටව ගොස් තිබෙනවා.