ලබන 9 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ තෙවැනි පාසල් වාරය තවත් සති දෙකකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ මත පදනම්ව එම තීරණය ගත් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.
සිසුන් එම සති දෙක තුළ කළ යුතු කටයුතු කලාප කාර්යාල හරහා සැපයීමට පියවර ගන්නා බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවා.