දේශීය ධීවර කර්මාන්තය ආරක්ෂා කිරීමේ අරමුණින් ආනයනික මාළු, කරවල සහ උම්බලකඩ සඳහා වන බදු ඉහළ නැංවීමට ධීවර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ පසුගිය 27 වැනිදා සිට ක්‍රියාත්මත වන ලෙසයි.
ඒ අනුව ආනයනික මාළු කිලෝ ග්‍රෑමයක් සඳහා අය කෙරෙන බද්ද රුපියල් 200ක් වන අතර ආනයනික කරවල කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 127ක බද්දක් අය කෙරෙනවා.
උම්බලකඩ කිලෝ ග්‍රෑමයක් සඳහා අය කෙරෙන බද්ද රුපියල් 302ක්.