News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
2

විලියම් කුමරුටත් කොරෝනා – ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂවරයාත් නිරෝධායනයේ

528 Views


විලියම් කුමරුටත් කොරෝනා – ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂවරයාත් නිරෝධායනයේ

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා වන Tedros Adhanom Ghebreyesus මහතා මේ දිනවල නිරෝධායනය වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ, තමන් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකුගේ ආශ්‍රීතයෙක් වීම හේතුවෙන් මෙලෙස නිරෝධායනය වන බවයි.

එහෙත් තමන්ට කිසිඳු සැක සහිත රෝග ලක්ෂණයක් මතු වී නොමැති බවත් තමන් මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙන බවත් ඔහු සිය ට්විටර් පණිවිඩය මගින් පෙන්වා දී තිබෙනවා.

මේ අතර කේම්බ්‍රිජ් ආදිපාදවරයා වන විලියම් කුමරුටත් කොරෝනා වෛරසය ආසානය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මහා බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරුට පසුගිය අප්‍රේල් මාසයේ දී කොරෝනා වෛරසය ආසාදනය වූ අතර ඔහුගේ පුත් විලියම් කුමරුට ද වෛරසය ආසාදනය වී තිබෙනවා.

එය රහසක් වශයෙන් තබා ගැනීමට රජ පවුල කටයුතු කර තිබුණ ද රාජකීය වෛද්‍යවරුන් ඔස්සේ එය හෙළි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post