News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
3

නැන්දම්මා මරා මාමණ්ඩිය ද මැරීමට උත්සහ කරමින් සිටි ලේලියක් කොටු වෙයි

4232 Views


නැන්දම්මා මරා  මාමණ්ඩිය ද මැරීමට උත්සහ කරමින් සිටි  ලේලියක් කොටු වෙයි

නානුඔය ප්‍රදේශයේ දී පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් නැන්දම්මා ද ඝාතනය කර ඉන් පසු මාමණ්ඩිය ද වතු යායේ වැසිකිලියක ගෙල සිරකරගෙන මැරීමට උත්සහ කරමින් සිටි ලේලියක් පිලිබදව වාර්තා වෙනවා. අසල් වාසී පිරිසකට එම මාමණ්ඩිය කෑ ගසන ශබ්දය ඇසී එම ස්ථානයට පැමිණ ඇති විට එම ලේලිය ඔවුන් විසින් අල්ලාගෙන තිබෙනවා.

අදාල පුද්ගලයාගේ අතුරුදන් වූ බිරිද එම පිරිස විසින් සොයා බැලීමේදී ඇය වැසිකිළියට පිටුපස වේල්ලකින් පහළට වැටී සිට ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාව රෝහලට ඇතුලත් කිරීමට අසල්වාසීන් ක්‍රියා කර ඇති අතර එහිදී නැන්දම්මා මිය ගොස් ඇති බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.

සිද්ධිය පිලිබදව පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post