News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
3

කෑගල්ලේ වෛරස් ව්‍යාප්තිය පාලනය වෙමින් පවතින බව දිස්ත්‍රික් ලේකම් කියයි

585 Views


කෑගල්ලේ වෛරස් ව්‍යාප්තිය පාලනය වෙමින් පවතින බව දිස්ත්‍රික් ලේකම් කියයි

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 126ක් බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා පවසනවා.

දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දෙන්නේ, සෞඛ්‍ය අංශ මගින් මේ වනවිට දිස්ත්‍රික්කය තුළ පවුල් 1547ක් නිරෝධායනයට යොමු කර ඇති බවයි.

එම පවුල් සඳහා රුපියල් දස දහසේ ආහාර මල්ල ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ලබා දීමට අවශ්‍ය කටයුතු ද සිදු වෙමින් පවතිනවා.

එමෙන්ම මේ වනවිට වෛරස් ව්‍යාප්තිය යම් ආකාරයකින් පාලනය කර ඇති බවත්, දී ඇති සෞඛ්‍ය උපදෙස් ඒ ආකාරයටම පිළිපදින ලෙසට මහජනතාව දැනුවත් කර ඇති බවත් දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියා.

මේ අතර දිස්ත්‍රික්කය තුළ සියලුම සංවර්ධන කටයුතු සහ ආර්ථික කටයුතු කඩා වැටීමකින් තොරව ඉදිරියට ගෙන යා යුතු ආකාරය සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ද ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ලබා දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post