News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
3

මුදල් කාරක සභාවට මන්ත්‍රීවරුන් 18ක්

775 Views


මුදල් කාරක සභාවට මන්ත්‍රීවරුන් 18ක්

අද පැවැති පාර්ලිමේන්තු රැස්වීමේදී කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් මුදල් කාරක සභාවට මන්ත්‍රීවරුන් 18 දෙනෙකු නම් කරනු ලැබුවා.

ඒ, නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සභා වාරයේදී කටයුතු කිරීම සඳහායි.

ආචාර්ය බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, සුසිල් ප්‍රේමජයන්ත, විදුර වික්‍රමනායක, ආචාර්ය සරත් වීරසේකර, ඩී.වී චානක, ආචාර්ය නාලක ගොඩහේවා යන අමාත්‍යවරුන් ඒ අතර වනවා.

එමෙන්ම අනුර ප්‍රියදර්ශන යාපා, විජිත හේරත්, ඩිලාන් පෙරේරා, ආචාර්ය හර්ෂ ද සිල්වා, එම්.ඒ සුමන්තිරන්, චමින්ද විජේසිරි, හේෂා විතානගේ, ඉසුරු දොඩන්ගොඩ, සහන් ප්‍රදීප්, මහාචාර්ය රංජිත් බණ්ඩාර සහ අනුප පැසකුවල් යන මන්ත්‍රීවරුන් ද ඊට අයත්.

අනතුරුව මුදල් කාරක සභාව රැස් වූ අතර එහිදී එම කාරක සභාවට සභාපතිවරයෙකු තෝරා ගැනීම සඳහා ඉදිරිපත් වූ යෝජනාව ද සම්මත කර ගැනුණා.

මේ අතර කොරෝනා වෛරස් තත්ත්වය පාලනය කිරීම සම්බන්ධයෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද අද පාර්ලිමේන්තුවේදී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අදහස් දැක්වූවා.

ඒ වෛද්‍ය ආඥා පනත යටතේ නියෝග කිහිපයක් විවාදයට ගැනීමේ අවස්ථාවට එක් වෙමින්.

එහිදී අමාත්‍යවරිය හා විපක්ෂය අතර අදහස් හුවමාරුවේදී යම් උණුසුම්කාරී තත්ත්වයක් ද හටගත්තා.

පාර්ලිමේන්තු කටුයුතු අද උදෑසන 10ට ආරම්භ වුණේ පැය දෙකක කාලයක් සඳහා වුව ද අමතර මිනිත්තු 30ක් එම කටයුතු පවත්වාගෙන යෑමට අනුමැතිය හිමිවුණා.


News Articles
Latest Videos
Most Popular Post