News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
3

කර්මාන්ත අමාත්‍යාංශයේ සේවා සඳහා සෘජු දුරකතන අංක

465 Views


කර්මාන්ත අමාත්‍යාංශයේ සේවා සඳහා සෘජු දුරකතන අංක

රටේ පවතින වත්මන් ත්ත්තවය හමුවේ කර්මාන්ත ක්ෂේත්‍රය බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යෑම සඳහා කර්මාන්තකරුවන්ට අවශ්‍ය පහසුකම් සැළැස්වීමට කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ඒ අනුව කර්මාන්තකරුවන්ගේ ගැටළු ඉදිරිපත් කිරීමට සෘජු දුරකනත අංක තුනක් හඳුන්වා දීමට පියවර ගත් බවයි.

ඒ සඳහා නව අධ්‍යක්ෂවරුන් තිදෙනෙකු ද පත්කර තිබෙනවා.

එමගින් ඒ ඒ කර්මාන්තයට අදාළ අධ්‍යක්ෂවරුන් වෙත සිය ගැටළු සෘජුවම යොමුකර ඒ සඳහා ක්ෂණික විසඳුම් ලබා ගැනීමේ හැකියාව කර්මාන්තකරුවන්ට හිමි වනවා.

ඒ අනුව කර්මාන්තපුර තුළ පවත්වාගෙන යන කර්මාන්ත පිළිබඳ ගැටළු අධ්‍ය‍්ක්ෂ වින්දික පියරත්න මහතා වෙත 071 3 976 406 දුරකතන අංකය ඇමතීමෙන් දැනුම් දිය හැකියි.

එමෙන්ම කර්මාන්තපුර තුළ පිහිටා නොමැති අනෙකුත් කර්මාන්ත පිළිබඳ ගැටළු යොමු කළ යුත්තේ, අධ්‍යක්ෂ රසික විජේකෝන් මහතාට වන අතර ඒ, 011 3 158 114 දුරකතන අංකය ඔස්සේයි.

ආනයන තීරුබදු පිළිබඳ ගැටළු යොමු කිරීම සඳහා 077 0 820 775 යන දුරකතන අංකය ඔස්සේ අධ්‍යක්ෂික සිතාරා ජයසේන මහතත්මිය ඇමතිය හැකි වනවා.


News Articles
Latest Videos
Most Popular Post