කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි පුද්ගලයෙකු නිවස තුළ ඇද වැටීමෙන් බරපතල තුවාල ලබා පසුගිය 2 වැනිදා ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඊයේ මියගොස් තිබෙනවා.
ඔහුගේ දේහය සම්බන්ධයෙන් අද දින සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනුණා.
කෙසේ වෙතත් අදාළ පුද්ගලයා මියයාමට ආසන්නතම හේතුව අනුව එම මරණය කොරෝනා මණයක් සේ නොසළකන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ.