News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
4

හදිසියේ අසනීප වී මිය ගිය 24 හැවිරිදි තරුණියට කොරෝනා නැති බව අනාවරණය වෙයි

2977 Views


හදිසියේ අසනීප වී මිය ගිය 24 හැවිරිදි  තරුණියට කොරෝනා නැති බව  අනාවරණය වෙයි

පන්නල ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කරන 24 හැවිරිදි තරුණියක් හදිස්සියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් දඹදෙණිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව මිය ගිය පුවතක් ඉකුත් දා වාර්තා වුණා. එහිදී ඇයගේ හදිසි මරණය කොරෝනා මරණයක් ද යන්න අනාවරණය කර ගැනීම සදහා pcr පරීක්ෂනයක් ද සිදු කෙරුණා. කෙසේ වෙතත් එහි වාර්තා අනුව මිය ගිය මෙම තරුණියට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවයි පැහදිලි වී තිබෙන්නේ.

කෙසේ වෙතත් ඇයගේ මෙම හදිසි මරණය පිලිබදව වැඩිදුර පරික්ෂණ සඳහා එම මිය ගිය තරුණියගේ සිරුරේ කොටස් රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post