පානදුර කේතුමතී කාන්තා රෝහලේදී මිය ගිය බිලිදියකගේ සහ බිලිඳකුගේ මළ සිරුරු දෙකක් මාරු වී යාමේ පුවතක් වාර්තා වෙනවා. ඒ ඉපදී පැය කිහිපයක දී මියගිය බිලිඳියකගේ මළ සිරුරක් හා උපතේදීම මියගිය තවත් බිලිඳකුගේ මළ සිරුරක්.
මේ අනුව උපතේදීම මියගිය බිලිදාගේ මළ සිරුර පිලිබදව පශ්චාත් මරණ පරික්ෂණයක් අවශ්‍ය නොවන බව එම දෙමවුපියන් පැවසීම නිසා ඔවුන් සිය බිලිදාගේ සිරුර ලබා ගැනීමට මෘත ශරීරාගාරයට ගිය අවස්ථාවේ එහි තිබු පෙට්ටියක දමා තිබුණු මල සිරුරුක් ඔවුන්ට ලබා දී තිබෙනවා. ඔවුන් ඒ සිරුර මිහිදන් කිරීමට කටයුතු කර තිබෙනවා.
පසුව ඉපදී පැය කිහිපයක දී මියගිය දැරියගේ මරණය පිලිබදව පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරීමට යෑමේදී බිළිදෙකුගේ මළ සිරුරක් ඊට අදාලව තිබී ඇත්තේ.
සිදු කරනු ලැබූ පරීක්ෂණ වලින් පැහැදිලි වී තිබෙන්නේ මළ සිරුරු දෙක එකිනෙක මාරු වී ඇති බවයි. කෙසේ වෙතත් සිද්ධිය පිලිබදව විශේෂ විමර්ශනයක් පොලිසිය විසින් සිදු කරනු ලබනවා.