News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
4

22වැනි සහ 23වැනි මරණ වාර්තා කරමින් ඊයේ මියගිය කාන්තාවන් දෙදෙනාටම නිධන්ගත රෝග තිබූ බවට හඳුනා ගැනේ

543 Views


22වැනි සහ 23වැනි මරණ වාර්තා කරමින් ඊයේ මියගිය කාන්තාවන් දෙදෙනාටම නිධන්ගත රෝග තිබූ බවට හඳුනා ගැනේ

මෙරට 22 වැනි සහ 23 වැනි කෝරෝනා මරණ ඊයේ වාර්තා වූ අතර ඔවුන් දෙදෙනාම කොළඹ මහනගර සභා සීමාව තුළ පදිංචිව සිටි කාන්තාවන්.

ඉන් එක් කාන්තාවක් පසුගිය පළමුවැනිදා මියගොස් තිබුණා.

68 හැවිරිදි ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගත්තේ ඇයගේ දේහය පිළිබඳ කළ පී.සී.ආර්. පරීක්ෂණයකින් අනතුරුවයි.

ඒ අනුව එය මෙරට සිදු වූ 22වැනි කොරෝනා මරණය ලෙස තහවුරු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළා.

එමෙන්ම ඊයේ නිවසේදී මියගිය 61 හැවිරිදි කාන්තාවකගේ දේහය පිළිබඳ සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඇයට ද වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමනේ අනතුරුව එය මෙරටින් වාර්තා වන 23වැනි කොරෝනා මරණය ලෙස සළකන බවත් ප්‍රකාශ කෙරුණා.

ඒ අනුව එම මරණ දෙකම පෙනහළු ආසාදනය වීමෙන් සිදු වූවක් බවට නිගමනය කරන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දුන්නේ.

කොරෝනා වසංගතය පිළිබඳ තත්ත්වය පැහැදිලි කිරීම සඳහා අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍ර‍ධාන වසංගත රෝග පිළිබඳ විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ, එම කාන්තාවන් දෙදෙනොටම නිධන්ගත රෝග තිබූ බවට හඳුනාගෙන ඇති බවයි.

එම මාධ්‍ය හමුවේදී වෛද්‍යවරයා දැක්වූ අදහස් :

ඊයේ වාර්තා කරපු මරණ දෙකම කොළඹ මහනගර සභා සීමාව තුළින් වාර්තා වුණේ. දෙදෙනාම කාන්තාවන්‍. අවුරුදු 61 සහ 68ක් වයසැති. නිධන්ගත රෝග සහිත දෙදෙනෙක්. නිවෙස්දී ස්වසන රෝග ඇති වීම නිසා නිවසේදී මියගොස් තිබුණු බව තමයි වාර්තා වුණේ. එක් මියගිය අයෙකුගේ සමීප පවුලේ ආශ්‍රිතයෙකුට කොවිඩ් 19 රෝගය ආසාදිත වී මේ අවස්ථාවේදී ප්‍රතිකාර ලබමින් පසුවන බවත් වාර්තා වුණා.”


News Articles
Latest Videos
Most Popular Post