News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
4

මොණරාගල බන්ධනාගාර ගැටුමේ සුලමුල

617 Views


මොණරාගල බන්ධනාගාර ගැටුමේ සුලමුල

මොණරාගල බන්ධනාගාරයේ නිලධාරීන් හා සිරකරුවන් අතර ඊයේ ඇති වූ ගැටුම හේතුවෙන් සිරකරුවෙකු මියගොස් නියාමකවරයෙකු තුවාල ලැබීම සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශනයක් ක්‍රියාත්මකයි.

අදාළ සිද්ධියෙන් මියගොස් ඇත්තේ අම්පාර ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි උලුපිටිය ගමගේ උපුල් නිලන්ත නොහොත් “මැක්කා” නැමැත්තා බවට කරුණු අනාවරණ වී තිබෙනවා.

ඊයේ පෙරවරුවේ සිර කුටි විවෘත කිරීම ප්‍රමාද වීම ගැටුමට හේතුව බවයි බන්ධනාගාර මූලස්ථානයේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ.

ඒ හේතුවෙන් කෝපයට පත් සිරකවරුන් පිරිසක් එක්ව බන්ධනාගාර නිලධාරියෙකුට පහර දී ඇති අතර ඒ පිළිබඳ සොයා බැලීමට ගිය නිලධාරීන් දෙදෙනෙකු හා සිරකරුවන් අතර ඇති වූ ගැටුමකදී මැක්කා නැමැත්තා බරපතල තුවාල ලබා තිබුණා.

අනතුරුව එම පුද්ගලයා මොණරාගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගොස් ඇති බවයි බන්ධනාගාර මූලස්ථානය පැවසුවේ.

මේ අතර සිද්ධිය හේතුවෙන් නොසන්සුන් වූ සිරකරුවන් පිරිසක් බන්ධනාගාර වහලය මත නැගී විරෝධතාවක ද නිරත වුණා.

එහිදී ඇති වූ නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්යය බලකාය ද කැඳවීමට සිදුවූ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා මින් පෙර ප්‍රකාශ කළා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල බන්ධනාගාර අධිකාරීවරයාගේ මූලිකත්වයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක අතර මොණරාගල පොලිසිය ද පරීක්ෂණයක් ආරම්භකර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post