News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
4

සයිබීරියානු සත්වෝද්‍යාන සතුන් ඇමෙරිකා ජනපතිවරණ සටනේ ජයග්‍රාහකයා ගැන අනාවැකි කියයි

574 Views


සයිබීරියානු සත්වෝද්‍යාන සතුන් ඇමෙරිකා ජනපතිවරණ සටනේ ජයග්‍රාහකයා ගැන අනාවැකි කියයි

මේ මොහොත වන විට ලොව ප්‍රබලම රට වන ඇමෙරිකාවේ අනාගත නායකයා සෙවීමේ ඇමෙරිකා ජනපතිවරණයේ නිල ජන්ද ගණන් කිරීමේ අවසන් අදියරෙ පසුවෙනවා.

ලොවම බලා සිටින එවන් මොහොතක සයිබීරියානු සත්වෝද්‍යාන සතුන් යොදා ගනිමින් ජයග්‍රාහකයා කවුරුන්ද යන්න අනාවැකි පළ කර තිබෙන බව වාර්තා වෙනවා.

මේ අනුව සත්වෝද්‍යානයේ සිටින වලසෙකු සහ ව්‍යාඝ්‍රයන් දෙදෙනකු මේ සඳහා යොදාගෙන රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රැටික් අපේක්ෂක ජෝ බයිඩන්ගේ මුහුණු කැටයම් කළ කොමඩු ගෙඩි දෙකක් මෙම සතුන්ගේ කූඩු තුළ තබා, ඔවුන් ඒ තුලින් තෝරා ගන්නා කොමඩු ගෙඩියේ කැටයම් කල රූපයට අනුව අදාල ජයග්‍රාහකයා පිළිබද අනාවැකි පළ කර තිබෙනවා.

එහිදී සතුන් තිදෙනාගෙන් දෙදෙනෙක් ම ජෝ බයිඩන්ගේ රූපය සහිත කොමඩු ගෙඩිය තෝරාගෙන තිබෙන අතර ‘ බාර්ටෙක්” නම් ව්‍යාඝ්‍රයා ට්‍රම්ප් රුව සහිත කොමඩු ගෙඩිය තෝරාගෙන තිබෙනවා.

පසු ගිය ජනපතිවරණයේද මෙවැනිම ආකාරයට අනාවැකි පල කර මෙම සතුන් එහිදී අනාවැකි පල කර ඇත්තේ වත්මන් ජනපති ට්‍රම්ප්‍ටයි.


News Articles
Latest Videos
Most Popular Post