News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
4

ජෝ බයිඩ්න්, ට්‍රම්ප් පසු කරමින්?

611 Views


ජෝ බයිඩ්න්, ට්‍රම්ප් පසු කරමින්?

ඇමරිකානු ජනාධිපතිවරණයේ දැනට නිකුත් වී ඇති ඡන්ද ප්‍රතිඵල අනුව ඩිමොක්‍රටික් පක්ෂයෙන් තරඟ වදින ජෝ බයිඩ්න් පෙරමුණේ පසුවන බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කරනවා.

මේ වනවිට ප්‍රාන්ත 50න් 31ක ප්‍රතිඵල නිකුත් වී අවසන් වන අතර කොට්ඨාස 192ක ජය හිමි කර ගැනීමට ජෝ බයිඩ්න් සමත්ව සිටිනවා.

එමෙන්ම රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වූ වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හිමිකරගෙන ඇත්තේ කොට්ඨාස 114ක් පමණයි.

අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජය ලැබීම සඳහා අපේක්ෂකයෙකු ඡන්ද විද්‍යාල 538 න් 270 ක බලය හිමිකර ගත යුතු වනවා.

ජනගහණය අනුව ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට හිමිවන ඡන්ද විද්‍යාල සංඛ්‍යාව වෙනස් වන අතර, ඡන්ද විද්‍යාල 270 ඉක්මවා ජය ලබන අපේක්ෂකයා, ධවල මන්දිරයට තේරී පත්වනු ඇති.

මෙවර මැතිවරණයේ ජයග්‍රහකයා ලබන වසරේ ජනවාරි 20 වැනිදා ජනපති ධූරයේ රාජකාරි ආරම්භ කිරීමට නියමිත බවයි එරට මාධ්‍ය නිවේදනය කළේ.


News Articles
Latest Videos
Most Popular Post