ඊයේ මධ්‍යම රාත්‍රිෙය්දී සිදු වූ රිය අනතුරකින් ආණමඩුව පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කොට්ටුකච්චිය ප්‍රදේශයේ ගොවිපොලකින් අනවසරයෙන් ගවයින් ප්‍රවාහනය කරන බවට ලද තොරතුක් මත එම ස්ථානාධිපතිවරයා තවත් නිලධාරියෙකු සමග අදාළ රථය පසුපස හඹා ගොස් තිබුණා.
පොලිසිය පැවසුවේ, නිලධාරියාට රථය පාලනය කරගත නොහැකිව ආණමඩුව ඔරලෝසු කණුවේ ගැටී මෙම අනතුර සිදුව තිබූ බවයි.
අනතුරින් මියගියේ, නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි රත්නායක මුදියන්සේලාගේ අජිත් හේමන්ත රත්නායක නැමැති ආණමඩුව පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයායි.
අනතුරෙන් කුවාල ලැබූ තවත් පොලිස් නිලධාරියෙකු ආණමඩුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.