ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රියැදුරන් සිව් දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. මේ වන විට ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයාත් ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා.
එමෙන්ම එම සංස්ථාවේ 37 දෙනකුට සිය නිවසේ සිට ස්වයං නිිරෝධායනයට ලක්වෙන ලෙස උපදෙස් ලබා දී ඇති බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.