දිනයකදී සිදු වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව අද වාර්තා වුණා.
එම සංඛ්‍යාව 5ක්.
ඒ අනුව කොළඹ 2, වැල්ලම්පිටිය, කොළඹ 12, කොළඹ 14, කොළඹ 15 යන ප්‍රදේශවල පදිංචිව සිටි අවුරුදු 46, 68, 58, 73 සහ 74 යන වයස් කාණ්ඩවල පසුවන කාන්තාවන් තිදෙනෙකු සහ පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
ඔවුන්ගේ මරණ නිවෙස්වල සහ රෝහල්වල ආදී වශයෙන් වාර්තා වී ඇති අතර එම මරණ පහම කොරෝනා මරණ ලෙස තහවුරු කරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 29ක් දක්වා ඉහළ ගියා.
එම මරණ සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් කර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් :
