මේ වන විට කොරෝනා රෝග ව්‍යාප්තිය GPS තාක්ෂනය උපයෝගී කරගෙන සිතියම්ගත කිරීමේ ක්‍රමවේදයක් මෙම සතිය තුළ ඇති කල යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරනවා.
ඒ තුලින් නිවැරදිව දිනපතා වාර්තාවන රෝගීන් අනුව රටේ වැඩිම අවදානම ඇත්තේ කුමන පළාතේ ද දිස්ත්‍රික්කයේ ද ආදී වශයෙන් සොයා බලා හුදකලා කල යුතු ප්‍රදේශ හුදකලා කරමින් එම නගරයන් ආදී සිමාවකට ලක් කිරීමට හැකි බවත් ඒ තුලින් මෙම වෛරසය රට තුල ව්‍යප්ත වන ආකාරය අවම කර ගැනීමට හැකි බවයි එම සංගමය වැඩි දුරටත් සදහන් කරන්නේ.
ඉදිරියේදී එම ක්‍රියාමාර්ගය අනුව කටයුතු නොකරන්නේ නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්‍ෂණික කමිටුවලට සිටීමෙන් වැඩක් නොමැති බවත් ඉන් ඉවත් වීමට තීරණය කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.