මේ වන විට බස්නාහිර පළාතට පනවා තිබෙන ඇදිරි නීතිය ලබන සදුදා සඳුදා උදෑසන 5.00 න් පසුව තව දුරටත් ඉදිරියට පවත්වා ගෙන යෑමේ අදහසක් නොමැති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.
ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කොවිඩ් මර්ධන කමිටු රැස්වීමේදී රට වසා දැමීමට කිසිදු අදහසක් ජනපතිවරයාට නොමැති බව සදහන් කළා. දෛනික වැටුපක් මත ජිවත්වන ජනතාවට සිදුවන අපහසුතාවයන් පිලිබදව විශේෂයෙන්ම ජනපතිවරයා මෙහිදී අවදානය යොමු වූ බව වැඩි දුරටත් වාර්තා වනවා.
සෞඛ්‍ය අංශ විසින් ලබාදී තිබෙන උපදෙස් නිසි පරිදි අනුගමනය කිරීම මගින් වෛරසයෙන් ආරක්ෂා වීමට හැකි බවයි පැවසෙන්නේ.