News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
5

ඇමරිකාවේ අවසන් ප්‍රාන්ත පහේ ජනාධිපතිවරණ ප්‍රතිඵල තවමත් ප්‍රමාදයි

523 Views


ඇමරිකාවේ අවසන් ප්‍රාන්ත පහේ ජනාධිපතිවරණ ප්‍රතිඵල තවමත් ප්‍රමාදයි

ඇමරිකාවේ ජනාධිපතිවරණයට අදාළව තීරණාත්මක ප්‍රාන්ත පහක ඡන්ද ප්‍රතිඵල තවමත් නිකුත් වී නොමැති බව ඇමරිකානු මාධ්‍ය පවසනවා.

ජනාධිපතිවරණය වංචාවක් බවත්, ඡන්ද ගණනය කිරීම නවතන ලෙස ඉල්ලමින් අධිකරණයට යන බවත් වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මින් පෙර පවසා තිබුණා.

ඒ අනුව පෙනිසිල්වේනියා සහ ජෝර්ජියා යන ප්‍රාන්තවල ඡන්ද ගණනය නවතන ලෙස ඉල්ලා තමන් මිචිගන් ප්‍රාන්ත අධිකරණය හමුවට යන බවට නැවතත් ඔහු නිවේදනය කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ වනතෙක් නිකුත් වී ඇති ඡන්ද ප්‍රතිඵලවලට අනුව ඉදිරියෙන් සිටින්නේ ජෝ බයිඩ්න් වන අතර තවත් ප්‍රාන්ත පහක ප්‍රතිඵල නිකුත් වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව මේ වනවිට ජෝ බයිඩ්න් හිමිකරගෙන සිටින ඡන්ද සංඛ්‍යාව 72,102,585ක්.

ප්‍රතිවාදී අපේක්ෂක, වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට දැනට නිකුත් වී ඇති ප්‍රතිඵලවලට අනුව ලබා ගැනීමට හැකිව ඇත්තේ ඡන්ද 68,637,070ක් පමණයි.

ජෝ බයිඩ්න් ලබාගත් ඡන්ද සංඛ්‍යාව සියයට 50.4ක ප්‍රතිශතයක් වශයෙන් ද ඩොනල්ඩ් ට්‍රම්ප් ලබාගත් ඡන්ද සංඛ්‍යාව සියයට 48ක ප්‍රතිශතයක් වශයෙන් ද නිල ප්‍රතිඵල සටහනේ දැක්වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post