කොරෝනා ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබා සුව වී නැවතත් නිවසට ආ වයස අවුරදු 22 ක තරුණයෙක් පිරිසක් සමග මත් පැන් පානය කර අවසානයේදී දෙපිරිස අතර සිදු වූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් ඇති වූ ගැටුමකදී බරපතල තුවාල ලබා අදාල තරුණයා හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව වාර්තා වෙනවා.
අදාල පුද්ගලයා මිට දින තුනකට පෙරයි කොරෝනා අසදිතව ප්‍රතිකාර ලබා සුව වී නිවසට පැමිණ ඇත්තේ. සිද්ධිය පිලිබදව පොලිසිය වැඩි දුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.