වසංගත රෝග විද්‍යා අංශය මගින් සකස් කළ කොරෝනා සම්බන්ධ තත්ත්ව වාර්තාවට අනුව මෙරට තුළ තහවුරු කළ කොරෝනා රෝගීන් සංඛ්‍යාව මේ වනවිට 12,570ක්.
ඒ, විදේශිකයින් 100 දෙනෙකු, ශ්‍රී ලාංකිකයින් 1,465 දෙනෙකු, ශ්‍රී ලංකාව තුළදී වෛරසය ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයින් සහ ආශ්‍රිතයින් 950දෙනෙකු, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථාන සාමාජිකයින් සහ ආශ්‍රිතයින් 651 දෙනෙකු, මිනුවන්ගොඩ හා පෑලියගොඩ පොකුරේ 9,091 දෙනෙකු සහ වෙනත් ආසාදිතයින් 313 දෙනෙකු වශයෙන්.
එමෙන්ම අදාළ වාර්තාවට අනුව මෙරට පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 7,186ක් වන අතර මරණයට පත් වූ සංඛ්‍යාව දැක්වෙන්නේ 29ක් ලෙසයි.
අද උදෑසන 10 වනවිට රෝහල්ගත කර සිටින රෝගීන්ගෙන් කොරෝනා ආසාදිතයින් බවට තහවුරු කළ සංඛ්‍යාව 5355ක් වන අතර උදෑසන 10 වනවිට සැක රෝග ලක්ෂණ සහිතව රෝහල්ගත කර ඇති සංඛ්‍යාව 467ක්.
සම්පූර්ණ තත්ත්ව වාර්තාව පහළින් :
