News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
6

විද්‍යුත් ජාතික හැඳුනුම්පතේ තොරතුරු සහතික කරගන්නේ කොහොම ද?

544 Views


විද්‍යුත් ජාතික හැඳුනුම්පතේ තොරතුරු සහතික කරගන්නේ කොහොම ද?

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ක්‍රියාවලියට අන්තර් කාලීන විසඳුමක් ලෙස ඔන්ලයින් ක්‍රමය ඔස්සේ සේවා සැපයීමේ ක්‍රමවේදයක් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ආරම්භකර තිබෙනවා.

පුද්ගල ජීව දත්ත සහ ජීව මිතික දත්ත ඇතුළත් කරමින් මෙම තොරතුරු සහතික කිරීමේ ක්‍රියාවලිය සිදුකිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය සමඟ ඒකාබද්ධව වැඩපිළිවෙළ ක්‍රියාත්මක වනු ඇති.

ඒ අනුව, මෙම වැඩපිළිවෙල සමඟ සම්බන්ධ වීමට අදාළ ආයතන විසින් ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතු අතර, ඊට අදාළ ගිවිසුම්වලට අත්සන් කිරීමෙන් අනතුරුව එම සේවාව ලබා ගත හැකි වනවා.

මෙරට බැංකු, මූල්‍යායතන, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, ඇතුළු ආයතන ඊට ඇතුළත් බවයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ඔන්ලයින් ක්‍රමය ඔස්සේ දෛනික සේවා අවශ්‍යතා ඉටු කිරීමේ කටයුතු සඳහා ද මෙය වැදගත් වන බව එම දෙපාර්තමේන්තුව පැවසුවා.

වැඩිදුර තොරතුරු ඇතුළත් නිවේදනය පහතින් :


News Articles
Latest Videos
Most Popular Post