News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
6

මිනිත්තු 20ක් කොරෝනා ආසාදිත බව හදුනා ගත හැකි පරීක්ෂණ ආරම්භ කරයි

505 Views


මිනිත්තු 20ක් කොරෝනා ආසාදිත බව හදුනා ගත හැකි පරීක්ෂණ ආරම්භ කරයි

මේ වන විට කොරෝනා අසාදිත බව හදුනා ගැනෙන pcr පරීක්ෂණයේ වාර්තා ලබා ගැනීමට යම් සැලකිය යුතු කාලයක් ගත වීම නිසා එය ඉක්මනින් රෝගීන් හදුනා ගැනීම සදහා යම් ගැටළුවක් වී තිබෙනවා.

ඒ හේතුවෙන් මිනිත්තු 20න් කොරෝනා ආසාදිත බව හදුනා ගැනෙන ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ මේ වන විට ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ඉතා ඉක්මනින් බොහෝ අහඹු ලෙස තෝරාගන්නා පුද්ගලයින් අතර කොරෝනා ආසාදිතයින් ඇති බව ක්ෂණිකව හදුනා ගත හැකි වෙනවා.

ඒ තුලින් ප්‍රතිකාර ඉක්මනින් සිදු කිරීමට හැකි බවත් කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරමට ද හැකි වෙනවා. මේ වන විට එවැනි ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂා කිරිමේ කට්ටල ලක්ෂ 02ක් දකුණු කොරියාවේ සිට මෙරටට ගෙන්වා ඇති බවත් තවත් එවැනිම කට්ටල ලක්ෂ 08 ක් පමණ ගෙන්වීමට අපේක්ෂා කරන බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post