මාවනැල්ලේ මංගල උත්සවයක මනාල යුවලකට සහ මනාලයාගේ මවට කොරෝනා වෛසරය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.
මනාලයා කොළඹ ප්‍රදේශයේ සේවය කරන පොලිස් නිලධාරියෙකු වන අතර මංගල උත්සවයට කොළඹ සිට පැමිණි මනාලයාගේ පාර්ශවයේ සිව්දෙනෙකුට වෛරසය වැළඳී ඇති බවට පරීක්ෂණවලින් තහවුරු වුණා.
ඉන් පසු මනාල යුවළට සහ මනාලයාගේ පාර්ශවයට සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී එම යුවලට සහ මනාලයාගේ මවට ද වෛසරය වැළඳී ඇති බව හඳුනාගෙන තිබෙනවා.
එමෙන්ම මනාලයාගේ නිවසේ පැවති දෙවැනි දින උත්සවයට ද කොළඹින් පැමිණි පිරිස් සහභාගී වී ඇති අතර ඊට සහභාගී වූ 120 දෙනෙකු නිරෝධායනයට යොමු කෙරුණා.
අදාළ මංගල උත්සවය මනාලියගේ පාර්ශවය නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සිදුකර ඇති බවත් මනාලයාගේ නිවසේ පැවැති උත්සවයේදී එම උපදෙස් නොතකමින් ක්‍රියාකර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් සෞඛ්‍ය අංශ පැවසුවා.
වෛසරය ආසාදනය වූ මනාලිය උඳුගොඩ රෝහලට ඇතුළත්කර තිබෙනවා.
මනාලයා ඇතුළත් කෙරුණේ, කෑගල්ලේ රෝගීන් නේවාසිකව ප්‍රතිකාර ලබන රෝහලටයි.
මංගල උත්සවයට කොළඹින් පැමිණි පිරිසගෙන් මොවුන්ට වෛරසය ආසාදනය වන්නට ඇති බවට සැක කෙරෙනවා.