News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
6

ආණ්ඩුවේ වාසි ගන්න වංචනික ලෙස නිරෝධායනය වූ තුන්දෙනෙක් හසුකර ගනියි

480 Views


ආණ්ඩුවේ වාසි ගන්න වංචනික ලෙස නිරෝධායනය වූ තුන්දෙනෙක් හසුකර ගනියි

නිරෝධායනය වන පුද්ගලයින් සඳහා ලබා දෙන බඩු මල්ල ගැනීමට වංචනික උත්සාහයක නිරත වූ තිදෙනෙකු පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය පැවසුවේ, එම බඩු මල්ල ගැනීමේ අරමුණින් නිරෝධායනය වූ අදාළ පුද්ගලයින් තිදෙනා පිළිබඳ දැනටමත් තොරතුරු ලැබී ඇති බවයි.

ඔවුන් එලෙස නිරෝධායනය වී ඇත්තේ, තමන් පෑලියගොඩ මත්ස්‍යය වෙළඳසැලට ගිය බවත්, එහි වෙළෙඳුන්ගෙන් මාළු මිල දී ගත් බවත් පවසමින්.

පසුව කළ සොයා බැලීමකදී අදාළ පුද්ගලයින් අසත්‍ය තොරතුරු ලබා දී එලෙස නිරෝධායනය වී ඇති බවට අනාවරණ වී තිබෙනවා.

පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, එවැනි වංචනික පුද්ගලයින් පිළිබඳ තොරතුරු ඇතොත් නොපමාව පොලිසියට දැනුම් දීමට කටයුතු කරන ලෙසටයි.

එවැනි උත්සාහයන්වල නිරත වන්නන් පිළිබඳ සෙවීමට රාජ්‍ය බුද්ධි සේවය හා යුද හමුදා බුද්ධි අංශය ද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post