රිජ්වේ ආර්යා ළමා රෝහල ප්‍රතිකාර කටයුතු සඳහා ආරක්ෂිත බවත්, අනිසි බියකින් තොරව රෝහලට පැමිණෙන ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මහජනතාවට දැනුම් දෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු පැවසුවේ, එම රෝහලෙන් කොරෝනා ආසාදිතයින් 30 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් වාර්තා වීම පිළිබඳ පුවත ප්‍රචාරය වූයේ එක් දිනක් තුළ එම සංඛ්‍යාව වාර්තා වූ බව ජනතාවට හැඟෙන පරිදි බවයි.
එහෙත් එවැනි ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මිනුවන්ගොඩ පළමු රෝගිය වාර්තා වූ දිනයේ සිට මේ දක්වා කාලය තුළ බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙන්නේ.
එමෙන්ම ආසාදිතයින් ලෙස වාර්තා වූ දරුවන්ගෙන් සහ ඔවුන්ගේ භාරකරුවන්ගෙන් රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා සියලු පියවර ගෙන ඇති බව ද අදාළ නිවේදනයේ සඳහන්.
ඒ හේතුවෙන් රෝහලට පැමිණීම සම්බන්ධයෙන් කිසිඳු අනිසි බියක් ඇතිකර නොගෙන ප්‍රතිකාර කටයුතු සඳහා පැමිණෙන ලෙස මහජනතාවට දැනුම් දෙනවා.