ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී අක්‍රමිකතා සිදුව ඇති බවට චෝදනා කරමින් එරට වත්මන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රාන්ත කිහිපයක අධිකරණ හමුවේ නඩු ගොනු කළා.
ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් නඩු ගොනුකර තිබුණේ මිචිගන්, පෙනිසියුලා සහ ජෝර්ජියා යන ප්‍රාන්ත අධිකරණ හමුවේයි.
එලෙස පැවරූ නඩු විභාගයට ගත් අධිකරණ, ට්‍රම්ප්ගේ චෝදනා ඔප්පු කිරීමට සාක්ෂි නැති බව ප්‍රකාශකර තිබෙනවා .
එබැවින් යළි ඡන්ද ගණන් කිරීමක් සිදු කරන ලෙසට නියෝග නිකුත් කළ නොහැකි බවයි එම අධිකරණවල මතය වී ඇත්තේ.
කෙසේ වෙතත් මේ වනතෙක් ප්‍රතිඵල නිකුත් නොවූ ප්‍රාන්තවල ඡන්ද ගණනය කිරීමේ කටයුතු සිදු වෙමින් පවතිනවා.
කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවන් යොමු වූ මිලියන සංඛ්‍යාත තැපැල් ඡන්ද ගණනය කිරීමට අධික කාලයක් ගතවීම, ප්‍රතිඵල නිකුත් වීමේ ප්‍රමාදයට හේතුව බව එරට විදෙස් වාර්තා සඳහන්කර තිබුණා.
මේ වනවිට ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩ්න් ජයග්‍රහණය සඳහා අවශ්‍ය කොට්ඨාස නියෝජිත ඡන්ද 270න් 264ක් හිමිකර ගෙන ඇති අතර වත්මන් ජනපති, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ට හිමිකර ගැනීමට හැකි වී ඇත්තේ කොට්ඨාස නියෝජිත ඡන්ද 214ක් පමණයි.