වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවියන් 23 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, කාන්තා රැඳවියන් 22 දෙදෙනෙකු සහ පිරිමි රැඳවියෙකු එලෙස වාර්තා වී ඇති බවයි.
වෛසරය ආසාදනය වූ බන්ධනාගාර නියාමකවරයෙකු, කාන්තා රැඳවියන් සිව්දෙනෙකු සහ පිරිමි රැඳවියන් දෙදෙනෙකු පළමුවෙන් හඳුනාගත්තේ ඊයේ දිනයේදීයි.
එහිදී බන්ධනාගාරයේ සියලුම කාන්තා රැඳවියන් නිරෝධායනයට ලක් කිරීමට පියවර ගැනුණා.
මේ අතර තවත් නව ආසාදිතයින් 213 දෙනෙකු හඳුනාගත් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ඔවුන් සියලු දෙනාම පෙර ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.