සංක්‍රාන්ති ලිංගිකයන් සඳහා වූ පළමු ආගමික පාසල බංග්ලාදේශයේ ඩකා අගනුවර විවෘතකර තිබෙනවා.
එහි සිසුන් 150කට වැඩි පිරිසක් ඉස්ලාමීය හා වෘත්තීය විෂයයන් නොමිලේ ඉගෙන්වෙන බවයි බංග්ලාදේශයේ මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව තුන්වන ලිංග භේදයක් ලෙස හඳුනාගෙන ඇති අතර එය මේ වනවිට බංගලාදේශය තුළ නිල වශයෙන් පිළිගෙන තිබෙනවා.