ගත වූ පැය 24 තුළ ඇමරිකාවෙන් නව කොරෝනා ආසාදිතයින් 127,000ක් හඳුනා ගැනීමත් සමග එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව කෝටිය ඉක්මවා ගියා.
ඒ, ආසාදිත සංඛ්‍යාව කෝටිය ඉක්ම වූ පළමු රට බවට එරට පත් කරමින්.
එය ලොව රටකින් දිනක් තුළ වාර්තා වූ ඉහළම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව ද වනවා.
එමෙන්ම ඊයේ දිනය තුළ එරටින් වාර්තා වූ කොරෝනා මරණ ගණන 1,202ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ්.
මේ අතර ඇමෙරිකාව පුරා වෛරසය අඛණ්ඩව ව්‍යාප්ත වෙමින් පැවතීම හේතුවෙන් ඉදිරි මාසය තුළදී ආසාදිතයන් සංඛ්‍යාව දෙගුණ විය හැකි බවට හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ වසංගත විද්‍යාවේදියෙක් අනතුරු අඟවා තිබෙනවා.