ගෝලීය කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව යම්කිසි අවදානම් මට්ටමකට පැමිණ ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ සති තුනක් ඇතුළත විශාල රෝගීන් සංඛ්‍යාවක් ගණනය වීම සහ මරණ 17ක් එක් වීම රෝග ව්‍යාප්තියේ සැළකිය යුතු වර්ධනයක් බවයි.
රෝගීන් වාර්තා වීම වළක්වා ගතහොත් වෛරස් ව්‍යාප්තිය පාලනයකර ගත හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසුවේ.